එට්නා ගිනිකන්ද සක්රිය වෙයි
Related Articles
ඉතාලියේ සුප්රසිද්ධ එට්නා ගිනිකන්ද සක්රිය වී තිබෙනවා.
ඉතාලියේ සිසිලි දූපත්හි පිහිටා ඇති මෙම ගිනි කන්දෙන් දුම් හා අලු පිටවන බව සඳහන්. නැගෙනහිර සිසිලිහි ගුවන්තොටුපල දෙකක්ද මේ හේතුවෙන් වසා දමා තිබෙනවා. එම ගුවන් ගමන් ආරම්භ කිරීම තවත් දින කිහිපයකින් කල් දැමීමට සිදු වන බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ. මීටර් 3300 ක් උසැති යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන්නේ එට්නා ගිනිකන්දයි.