fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලු කොටුව සංරක්‍ෂණය කිරීමේ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:44

ගාලු කොටුව සංරක්‍ෂණය කිරීමේ කටයුතු ඇරඹෙයි

ලෝක උරුමයක් වන ඓතිහාසික ගාලු කොටුව සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. ලෝක බැංකු ආධාර යටතේ ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 217ක්.

මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම සංරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ ගාලු කොටු බැම්ම පිළිසකර කිරීම , බිම්ගෙය නවීකරණය ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්‍ෂණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , ගාලු උරුමය පදනම හා මධ්‍යම සංස්කෘතික අරමුදල ද මේ සඳහා සහාය ලබා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්