නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලා රුසියාවේ විරෝධතා පැවැත්වෙනවා.
රුසියා විපක්ෂ නායකයින් සහ නියෝජිතයින් එක්ව මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සඳහා උද්ඝෝෂකයින් විසිදහසක් පමණ එක්ව සිටියා. එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට උද්ඝෝෂණයේ නිරත විපක්ෂ නායකවරුන්ටද ලියා පදිංචිවීමට අවසර ලබා දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටියේ. අපේක්ෂකයින් තිස් දෙනෙකුට පමණ එළඹෙන මැතිවරණයේදී තරග කිරීම සඳහා රුසියා මැතිවරණ කාර්යාලය අවසර ලබාදී නැහැ.