fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ මූලික අධ්‍යාපනය නොලබන ආබාධිත දරුවන් මිලියන දෙකක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:24

ඉන්දියාවේ මූලික අධ්‍යාපනය නොලබන ආබාධිත දරුවන් මිලියන දෙකක්

ඉන්දියාවේ මූලික අධ්‍යාපනය නොලබන ආබාධිත දරුවන් මිලියන දෙකක් පමණ සිටින බවට තොරතුරු හෙලිව තිබෙනවා. ඔවුන් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කර තිබුණ ද ඒවා කි‍්‍රයාත්මක්වීමේ ගැටලුවක් පවතින බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ.

මූලික අධ්‍යාපනයවත් නොලැබීම හේතුවෙන් ඔවුන් අනාගතයේ දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. ආබාධිත දරුවන් වෙනුවෙන් අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට ආයතන කිහිපයක් ඉදිරිපත්ව සිටිය ද ප‍්‍රමාණවත් තරම් පහසුකම් ඔවුන්ට නොලැබීයාම සුලභ ගැටලුවක් බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා ඉන්දීය රජය වැඩපිළිවෙල කිහිපයක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. පවතින නීති ශක්තිමත් කිරීම මෙමන්ම එම දරුවන් වෙනුවෙන් සුභ සාධන වැඩපිළිවෙල හදුන්වාදීම ද ඒ අතරින් ප‍්‍රධානයි.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්