fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ ජය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:23

ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ ජය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන 19 න් පහල ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන්  බොරැල්ල වෙස්ලි විද්‍යාලය පරදවා ලකුණු 18ට 15ක ජයක් හිමිකර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.

කොළඹ රාජකිය විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට වෙස්ලි විද්‍යාලය ලකුණු 15 ට අටක් ලෙස ඉදිරියෙන් පසුවුණා. තරගයේ දෙවන අර්ධය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තා. ආක්‍රමණික ලෙස තරගයට අවතීර්ණ වූ ශාන්ත පීතර ක්‍රීඩකයින් තරගය අවසන් කළේ ලකුණු 18 ට 15 ක් ලෙස ජය හිමිකර ගනිමින්.  ගෝල දිනුමක් උත්සාහක දිනුමක් දඩුවම් පහර දෙකක් ඊට ඇතුළත්.  තරගයේ ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්