නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි ඇමති ආරක්ෂකයින්ගේ පෙනුම ඇති පිරිසක් වෑන් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ කොළඹ අපරාධ කොට්ඨාසය මගිනුයි. පසුව ඊයේ රාත්‍රියේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් පසුව 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හරිත් හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වේදීන් හමුවේ කියා සිටියේ එම සැකකරුවන් කිසිදු දේශපාලනඥයෙකු හෝ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් නොවන බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=EQFBR4Jx_d8&feature=youtu.be&fbclid=IwAR3CURHYWwT0HG_KHJcj9zTpoCnN4gK1PnT3XUxmkSyXHo0DUf5OX2gKmVI”]