fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවකයින්ගේ වැටුපට රුපියල් දස දහසක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:08

රාජ්‍ය සේවකයින්ගේ වැටුපට රුපියල් දස දහසක්

ලබන වසරේ ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට රුපියල් දස දහසක් එකතුවන වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම වසරේ ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උළෙල කළුතර දී සැමරුවා. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මියගේ මූලිකත්වයෙන් මෙම සැමරුම් උළෙල සංවිධාන කර තිබූ අතර පන්දහසකට අධික නිලධාරිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියා. පවුල් සෞඛ්‍ය සේවයේ ඉල්ලීම් ඇතුළත් කෙටුම්පතක් අමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර පවුල් සෞඛ්‍ය සේවයට කළ සේවය ඇගයීම ද මෙහිදී සිදු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්