fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ ගෑස් කර්මාන්ත ශාලාවේ සිදුවූ පිපිරීමෙන් මියගිය පිරිස 15 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:50

චීනයේ ගෑස් කර්මාන්ත ශාලාවේ සිදුවූ පිපිරීමෙන් මියගිය පිරිස 15 දක්වා ඉහළට

චීනයේ ගෑස් කර්මාන්ත ශාලාවේ සිදුවූ පිපිරීමෙන් මියගිය පිරිස 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. චීනයේ හෙනාන් ප්‍රාන්තයේ පිහිටා තිබූ මෙම ගෑස් කර්මාන්ත ශාලාව පිපිරීමත් සමඟ විශාල වශයෙන් අහිතකර වායුන් වාතයට නිදහස් වුණා. මේ හේතුවෙන් සිදුවන ජල දූෂණය හා වායු දූෂණය අවම කිරීමට මේ වන විට ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. සිද්ධියෙන් කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයින් 270 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා. පිපිරීමෙන් අසළ තිබූ නිවාස රැසකට ද හානි සිදුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්