ඉන්දියාවේ ජල ගැලීම් වලින් ඇසෑම් සහ බිහාර් ප්රාන්ත වලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පවුල් හත් දහසක් පමණ විපතට පත්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
ලක්ෂ දෙකකට වැඩි පිරිසක් තවමත් සහන කඳවුරුවල රඳවා සිටිනවා. ඔවුන්ට සහන සැලසීමේ කටයුතු ද අඛණ්ඩව කි්රයාත්මක බව එරට වාර්තා සඳහන් කළා. ආහාර ඖෂධ සහ තාවකාලික නිවස්න විපතට පත් පිරිසට ලබාදීම සඳහා කටයුතු කරන ලෙස ඉන්දීය රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.