fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි සහ සුළං අද සිට අඩුවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 09:11

වැසි සහ සුළං අද සිට අඩුවෙයි

අද සිට වැසි සහ සුළං තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, උතුරුමැද පළාත්වල තවදුරටත් පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වාවූ තද සුළං අපේක්ෂා කළ හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

අද උදෑසන දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ට දැනුම්දී තිබුණේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. පවුල් 1317 ක සාමාජිකයන් 5200 ක් පීඩාවට පත්ව සිටිනවා. තවමත් සහන කඳවුරුවල රඳවා සිටින සංඛ්‍යාව 341 ක්. ඔවුන්ට සහන සැලසීම සඳහා දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ද ලබදී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දිස්ති‍්‍රක්ක 7 කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් අද රාතී‍්‍ර 9 දක්වා තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශයේ  භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප‍්‍රකාශ කළා.

කැළණි සහ කළු ගංඟාවල ජල මට්ටම් මේ වනවිට යථා තත්වයට පත්ව තිබෙනවා. එහෙත් ජලය සැඩ පහරින් යුක්ත බැවින් එම ගංඟා භාවිත කිරීමෙන් වළකින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්