ශිල්ප සේනා සමාප්තිය ජනපති සහභාගීත්වයෙන්
Related Articles
ශිල්පසේනා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මේ වන විටත් ප්‍රදර්ශනය නැරඹීමට අති විශාල පිරිසක් පැමිනෙමින් සිටිනවා.
ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය ශිල්පසේනා දැවැන්ත ප්‍රදර්ශනය ආරම්භ වූයේ පසුගිය 18 වනදායි. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අදින් අවසන් වනවා. සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමාවෙනුයි ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ. විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදන ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනයේ අරමුණයි. අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ උපදෙස් පරිදී මෙය පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ සමප්ති උළෙල සජීව ලෙස ITN ඔස්සේ ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.