කොළඹ වේල්ලවීදිය මධ්‍යම පාරේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලැබුවා.
ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් එය ත්‍රීරෝද රථ පහක හා වෑන් රථ දෙකක ගැටී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ අය ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකළා.