fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවි විශ්‍රාම වැටුප ශක්තිමත් කිරීම සදහා නව පනත් කෙටුම්පතක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 16:13

ගොවි විශ්‍රාම වැටුප ශක්තිමත් කිරීම සදහා නව පනත් කෙටුම්පතක්

ගොවි විශ්‍රාම වැටුප ශක්තිමත් කිරීම සදහා නව පනත් කෙටුම්පතක් ගෙන එන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.  219 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මාතලේ, නාවුල අරංගල ප්‍රදේශයේ ඉදිකළ විජේරත්නබණ්ඩාපුර උදාගම්මානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා. නිවාස 26 කින් සමන්විත මෙම ගම්මානයේ ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 412 ක් වැය කර තිබෙනවා.

සියලු පහසුකම්වලින් සමන්විතව මෙය ඉදි කෙරුණා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්