fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් දුම්රියක ගැටී වන අලියෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 13:08

තැපැල් දුම්රියක ගැටී වන අලියෙකු මිය යයි

කොළඹ සිට යාපනය දක්වා ධාවනයවූ තැපැල් දුම්රියේ ගැටී වන අලියෙකු මියගොස් තිබෙනවා. ඒ උතුරු දුම්රිය මාර්ගයේ පුලියන්කුලම රාමනූර් ප‍්‍රදේශයේදී.

අද (20) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවුරුදු 25 ක් පමණ වයසැති මෙම වන අලියා උසින් අඩි 8 ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් කියාසිටියේ.

සතියකට පෙර මෙම ප‍්‍රදේශයේදීම දුම්රියේ ගැටී ගවයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්