නිට්ටඹුව කළගෙඩිහේන ප්රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්වුණා. සැකකරු කලුතර ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය සහ එහි රියදුරු සමඟ සිද්ධියට අදාළ තවත් පුද්ගලයෙකු ඊයේ (19) අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණා.
කොළඹ නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට සිදුකළ පහරදීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා කළ දැනුම්දීමත් සමඟයි කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළේ.