fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල මාර්ග සංවර්ධනයට පමණක් රජයෙන් රුපියල් කෝටි 800 කට අධික මුදලක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 12:44

කුරුණෑගල මාර්ග සංවර්ධනයට පමණක් රජයෙන් රුපියල් කෝටි 800 කට අධික මුදලක්

වත්මන් රජය යටතේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග සංවර්ධන කටයුතු සදහා පමණක් මේ වනවිට රුපියල් කෝටි 800 කට අධික මුදලක් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

කුරුණෑගල – ජයන්තිපුර ප්‍රධාන මාර්ගය, කුරුණෑගල විලේගොඩ ප්‍රධාන මාර්ගය සහ කුරුණෑගල මූනමලේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ සදහා රුපියල් ලක්ෂ 490 ක මුදලක් වෙන්කර තිබෙනවා. මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්