ලබන 30 වනදා මධ්‍යම රාත්‍රී දොළහේ සිට අපොස උසස් පෙළ විභාගය අවසන් වන තෙක් ඊට අදාළ සම්මන්ත්රණ, වැඩමුළු සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ අතර ලබන 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන්වන තෙක් ද මෙම නීතිය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඒ අනුව එම කාලය තුළ අදාළ විභාග අපේක්ෂකයින් සදහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ද දේශන, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම ද තහනම්කර තිබෙනවා.
විභාග ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් සහ අත් පත්‍රිකා මගින් ප්‍රචාරය කිරීම ද සපුරා තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. යම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩකරන්නේ නම් ඒ පිළිබද 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට, පොලිස් මූළස්ථානයේ 0112 421 111 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දිය හැකියි.