නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඇතුලු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පැවරුවා. ඒ කොළඹ මහාධිකරණය හමුවේයි.
සකුරා නමැති මෙම ඇත් පැටවා පිරිමි ඇත් පැටවෙකු බවට ලියාපදිංචිය සඳහා වන ඉල්ලුම් පත්රයේ සඳහන් කර තිබුණ ද වනජීවී නිලධාරීන්ගේ සටහන්වල තිබී ඇත්තේ ඇතින්න පැටවෙකු බවයි. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු හා ඇත්පැටවාගේ මුල් අයිතිකරු මෙහි සෙසු විත්තිකරුවන් වනවා.