fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 09:36

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වනවිට පවුල් එක් ලක්ෂ හැට තුන් දහස් තුන්සිය අනූවකට අයත් පුද්ගලයන් පන් ලක්ෂ අසූ එක් දහස් පනස් හත් දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 8 ක්. තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නිවාස 50 කට පූර්ණ හානි සිදුවුණා. තවත් නිවාස 995 කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

අවතැන් කඳවුරු 12 ක පවුල් 134 ක සාමාජිකයන් 548 ක් රැඳීසිටිනවා. අවතැන්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර දිස්ති‍්‍රක්ක 7 කට නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් කි‍්‍රයාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්