fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාධිධාරීන් 15,000 ක ලබන පළමුවනදා නව රැකියා

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 19:18

උපාධිධාරීන් 15,000 ක ලබන පළමුවනදා නව රැකියා

උපාධිධාරීන් පහළොස් දහසකට ලබන මස පළමුවනදා වන විට රැකියා ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ගිරිඋල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ගිරිඋල්ල හෙන්ඩියගල ශ්‍රී රතනපාල මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි 3 ක් සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ මෙම ගොඩනැගිලි ඉදිකිරීම සදහා රජය වැය කළ මුදල රුපියල් කෝටි පහක්.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්