රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලැබුවා.
වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. මොරටුව කටුබැද්ද හන්දියේදී මෙම අනතුර සිදුවුණා. එක් වෑන් රථයක් අසළ තිබූ කඩයකට කඩා වැදී තිබෙනවා. තුවාල කරුවන් අතර වෑන් රථ දෙකේ රියදුරන්ද සිටින බවයි පොලිසිය පවසන්නේ. මොරටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වනවා.