මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 5 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පැවැත්වෙනවා.
අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් හත්දහස් හත්සිය හතර දෙනෙකු මෙවර විභාගයට පෙනීසිටීමට නියමිතයි. මධ්‍යස්ථාන ගණන 2678 ක්.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ද ලබන අගෝස්තු 4 වෙනිදා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. සිසුන් තුන් ලක්ෂ තිස් නවදහස් තුන්සිය හැට නව දෙනෙකු විභාගයට පෙනීසිටිනවා.