fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගඟට නායයයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 09:17

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගඟට නායයයි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගඟට නාය ගොස් තිබෙනවා. සිද්ධියෙන් එක් පුද්ගලයකු අතුරුදන් වී ඇති අතර  ඔහු සොයා යුද හමුදාව හා පොලීසිය මෙහෙයුම් සිදු කරනවා.

ප්‍රදේශයට බලපා තිබෙන අයහපත් කාලගුණයෙන් ගිනිගත්හේන  මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පොලීසිය අසල ප්‍රදේශයේ කොටසක් මෙසේ නාය ගොස් තිබෙනවා. මෙම ප්‍රධාන මාර්ගයේ තවදුරටත් නාය යාම් අවදානම පවතින බැවින් ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට සිට බස්නැවතුම්පල දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.  මෙම ප්‍රදේශය නායයෑමට ලක්විය හැකි බැවින් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අදාළ වෙළදසැල් හිමියන්ට දැනුම් දී තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්