දිස්ති‍්‍රක් 4 කට මිලිමීටර 100ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කලුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කයන් හි ඇතැම් ස්ථාන වලට. වයඹ පළාතේ සහ කොළඹ මෙන්ම ගම්පහ දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ.
මුහුදු ප්‍රදේශ කිහිපයක් ද තවදුරටත් රළු විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දැනුම්දී තිබෙන්නේ. මේ අතර මුහුදු ගොස් සිටින ධීවරයන්ට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වහාම ළඟම ඇති ධීවර වරායට පැමිණෙන ලෙස ද නාවික හමුදාව දැනුම් දෙනවා.
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. විදුලිපුර විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම සිදුවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.