fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන ඩ්‍රෝන යානයකට ඇමෙරිකාවෙන් ප්‍රහාර

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 10:26

ඉරාන ඩ්‍රෝන යානයකට ඇමෙරිකාවෙන් ප්‍රහාර

ඇමෙරිකා ප්‍රහාරක නෞකාවක් ඉරානයට අයත් ඩ්‍රෝන යානයකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී පහර දී විනාශ කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් පවසනවා.

ඩ්‍රෝන යානය නෞකාවට මීටර 914 ක් දුරින් පවතින අවස්ථාවේදීයී ප්‍රහාරය එල්ල කර ඇත්තේ. නෞකාවේ ගමන්ගත් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරිෆ් පවසන්නේ තම රටට අයත් ඩ්‍රෝන යානාවකට මෙවැනි දෙයක් සිදු වූ බව අනාවරණය වී නොමැති බවයි. මේ හේතුවෙන් ඉරානය හා ඇමෙරිකාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇති බවයි විදෙස් විචාරකයන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්