තවත් ආදර්ශ ගම්මාන දෙකක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරෙනවා.
මාතලේ විල්ගමුව නාමිණිගම ඉදිවූ මහා රාවණාගම ගම්මානය එහි හිමිකරුවන්ට භාරදීම සිදුවන්නේ අද පෙරවරුවේ. නිවාස 21 ක් ඊට ඇතුළත්. ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ 218 වන ගම්මානයයි එයයි.
219 වන ගම්මානය නාඋල අරංගල ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා. විජේරත්න බණ්ඩාරපුර නමින් ඉදිකළ මෙම ගම්මානය නිවාස 26 කින් සමන්විත බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසන්නේ. තවත් ආදර්ශ ගම්මාන දෙකක් හෙට දිනයේදී ජනතා අයිතියට පත්කිරිමට නියමිතයි.