fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බේකරි හිමියන්ගේ සංගමය පාන් මිල වැඩි කිරීමේ තීරණය ඉවත් කරගනී

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 09:46

බේකරි හිමියන්ගේ සංගමය පාන් මිල වැඩි කිරීමේ තීරණය ඉවත් කරගනී

රුපියල් පහකින් පාන් මිල වැඩි කිරීමට ගත් තීරණය ඉවත් කරගත් බව බේකරි හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. ඒ අනුව ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක් සඳහා පවතින මිලම කි‍්‍රයාත්මක බවයි එම සංගමය පෙන්වාදෙන්නේ.

තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 7 කින් වැඩි කිරීමට සමාගම් දෙකක් පියවර ගෙන තිබුණා. එබැවින් පාන් මිල වැඩි කිරීමටයි බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේ. එහෙත් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා එම තිරිඟු පිටි සමාගම් සමඟ කළ සාකච්ඡාවෙන් පසු එම වැඩි කළ මිල ඉවත් කරගැනීමට එම සමාගම් එකඟතාව පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්