ජපානයේ සජිවීකරණ චිත්‍රාගාරයක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලැබුවා. කියෝතෝ නගරයේ සජිවීකරණ චිත්රාගාරයකයි ගින්න හටගත්තේ. කිසියම් පුද්ගලයෙකු චිත්රාගාරයට යම් දියරයක් ඉස ගිනි තැබීම සිදු කර ඇති බවයි පරික්ෂණ වලින් හෙළිව තිබෙන්නේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට පිළිස්සුම් තුවාල සිදු වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කරනවා.