fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 09:36

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර  තිබෙනවා.

ලන්ඩන්හි පැවති ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ගත් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. ක්‍රිකට් ආයතනය තුළ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක් පැවැත්විමට අසමත් විම සහ ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහතවීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආධාර සිම්බාබ්වේ වෙත හිමි නොවනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන කිසිඳු තරගාවලියකට එක්විමේ අවස්ථාවද අහිමි වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 09:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්