ශ්‍රී ලාංකේය තරුණ ශක්තිය ඵලදායීව යොදා ගැනීමේ අරමුණෙන් යූත් විත් ටැලන්ට් ගමට කෝටියක් වැඩසටහන ක්‍රියාත්මකයි. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සදහා ත්‍යාග ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිතිගමදී හෙට සිදු කෙරෙනවා.
අදියර දෙකක් සාර්ථකව අවසන් කළ ව්‍යාපෘතියේ තුන්වන පියවර ද මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ සදහා ප්‍රතිපාදන ලබාදෙන්නේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවයි. තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ වයඹ පළාතේ හොදම ව්‍යාපෘතිය ලෙස නම් කෙරුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභාෂ්වර යෞවන සමාජය සිදුකළ ව්‍යාපෘතියයි. එම යෞවන සමාජය පොල්පිතිගම බෙරගහමුල අමුණ පිටවාන හරහා පාලමක් ඉදිකළේ දහසකට වැඩි පිරිසකට ප්රතිලාභ සලසමින්. ඒ සදහා වැයකළ මුදල රුපියල් හතලිස් තුන් ලක්ෂ පනස් දෙදහස් දෙසිය හතලිස් හතක්. ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සදහා එක් යෞවන සමාජයක් වෙත ලක්ෂ තුනක මුදලක් ලබාදෙනවා. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සදහා ත්‍යාග ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිතිගමදී හෙට සිදු කිරීමට නියමිතයි.