රටක් ලෙස ඉදිරියට යාමට නම් භාෂා කිහිපයක් දැන සිටීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිත දිනන ද්වී භාෂා දරුදැරියන් ඇගයීමේ ජාතික වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයයි වැඩසටහන සංවිධාන කළේ. පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන භාෂා විෂයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් මෙම දරුදැරියන් ඇගයීමේ උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දීයි. දරුවන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කිරීමට කැපවූ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවය ඇගයීම ද මෙහිදී සිදුකෙරුණා. අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ සමරු කලාපය, දෙමළ ජනකතා ග්‍රන්ථය, දෙමළ රාමායනයේ සිංහල පරිවර්තනය ආදී ග්රන්ථ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fZN8tyLbUdM”]