fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන සඳුදා

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 19:27

චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන සඳුදා

ඉන්දියාවේ චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම සදහා නව දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය සදුදා මෙම අභ්‍යවකාශ මෙහෙයුම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණා.

චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ජූලි 22 වනදා එරට වේලාවෙන් 9.13ට අභ්‍යවකාශ ගතකිරීමටයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කළේ. පසුගිය සදුදා මෙම මෙහෙයුමට අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට විනාඩි 56  පෙර නතර කෙරුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. ඇමෙරිකා ඩොලර් මිලියන 150ක මුදලක් වැය කර ඇති මෙම මෙහෙයුම චන්ද්‍රහාගේ දකුණු ධ්‍රැවයට ගොඩබසින පළමු යානය වනු ඇති. ඉන්දීයාවේ පළමු චන්ද්‍ර මෙහෙයුම 2008 වසරේ සිදු වු අතර එය චන්ද්‍රයාන් 1 ලෙසයි හැදින්වුයේ. මෙම මෙහෙයුම සාර්ථක වුයේ නම් සදමතට යානයක් සාර්ථකව ගොඩබැස්වු හතරවන රට ඉන්දියාව බවට පත් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 19:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්