fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරිඟු පිටි මිල වැඩිවීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 18:39

තිරිඟු පිටි මිල වැඩිවීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් අටකින් වැඩිවීම සිදුවූයේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා වහාම වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර තිබෙනවා.

රජයේ ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය ද මෙවැනි මිල ඉහළ දැමීමකට වගකිව යුතුදැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. කාලයක් තිස්සේ තිරිගු පිටි සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුව දැක්වූ ප්‍රතිචාරය ද සවිස්තරාත්මකව මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ලෝක වෙළෙද පොලේ තිරිගු පිටි මිල ඉහළ යාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් මත සුලු මිලකින් තිරිගු පිටි මිල ඉහළ දැමීමට හෝ පහළ දැමීමට ඉඩ දුන්නේ නම් මෙවැනි වැඩි මිලකින් තිරිගු පිටි මිල ඉහළ දැමීමට සිදු නොවනු ඇතැයි ආණ්ඩුපක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වන ජීවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම පිළිබද තීරණ ගනු ලබන අතර තිරිගු පිටි මිල ඉහළ දැමීම පිළිබද ජීවන වියදම් කමිටුව ප්‍රතිචාර දැක්වූයේ කෙසේ දැයි වාර්තා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්. මේ අතර තිරිගු පිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක් එම සමාගම්වලට අවසරය ලබාදී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළෙදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්