පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මකබව ඉහළ නංවමින් එය කාර්යක්ෂම කිරීමෙන් පෞද්ගලික වාහන භාවිතයෙන් ඇතිවන තදබදය අවම කර ගැනීමට හැකිවන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. මහව ඕමන්ත දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
මහව ඕමන්තේ දුම්රිය මාර්ගය වසර 115 කට පසු සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම මාර්ගයේ දිග කිලෝමීටර් 133 ක්. මහව සිට අනුරාධපුරය දක්වා වූ කොටස 1904 වසරේ ඉදිකළ අතර අනුරාධපුර සිට ඕමන්ත දක්වා වූ කොටස ඉදිකර ඇත්තේ 1905 වර්ෂයේයි. මෙම දුම්රිය මාර්ගයේ මහා පරිමාණ ප්රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් දුම්රිය ධාවනයට ගැටලු පැන නැගී තිබුණා. මාර්ගය අලුත්වැඩියා කිරීමේ ගිවිසුමට කොළඹදී අත්සන් තැබුණේ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය මාර්ගය අලුතින් සකස් කිරීමට වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 91 යි දශම 2 ක්. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ඊට අදාළ ප්‍රතිපාදන සැපයෙනවා. දුම්රිය මාර්ගයට අමතරව දුම්රිය ස්ථාන 12 ක් හා නැවතුම්පොළ 7 ක් ද කාණු පද්ධතිය හා සංඥා පද්ධතිය මෙසේ සංවර්ධනය කෙරෙනු ඇති. මැදවච්චිය හා වව්නියාව අතර ඒ නවය මාර්ගයට ආසන්නව නව දුම්රිය ස්ථානයක්ද ඉදිකෙරෙන අතර නව දුම්රිය මාර්ගයේ වේගය පැයට කිලෝමීටර් 120 ක් වීමද විශේෂත්වයක්. ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී ඉන්දීය රජයට ප්‍රසාදය පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/W91rhHeBTsM”]