fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිළිනොච්චියේ පාසල් සංවර්ධනයට ජපානයෙන් ආධාර

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:23

කිළිනොච්චියේ පාසල් සංවර්ධනයට ජපානයෙන් ආධාර

කිළිනොච්චි ප්‍රදේශයේ යළි පදිංචිකරවූ ජනතාවගේ දරුවන් අධ්‍යාපනය ලබන පාසල් සංවර්ධනය කිරීම සදහා ජපානය ඇමෙරිකා ඩොලර් මිලියන අසූහය දහසකට අධික ආධාර ලබා දීමට එකගත්වය පළකලා.

මෙම ගිවිසුමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා සහ මානව සංවර්ධන ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේසුරාසා අමිර්තරාජා යන මහත්වරුන් අත්සන් තැබුවා. ශ්‍රී ලංකාව හා ජපානය අතර පවත්නා දිගුකාලීන සබදතාව තවදුරටත් ශක්තිමත් කරමින් මෙසේ ආධාර ලබා දීම සිදු කෙරෙනවා. ගිවිසුමට අත්සන්තැබීම සිදුවුණේ කොළඹ පිහිටි ජපාන තානාපතිවරයාගේ නිල නිසේදීයි. මේ යටතේ පාසල්වල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

(ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචිකිරීම , පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රතිසන්ධානගත කිරීම සදහා ජපාන රජය දැඩි උනන්දුවකින් කටයුතු කරනවා. එම ප්‍රදේශයේ මේ වනවිටත් සිදුවන සංවර්ධන කටයුතු වලට මෙම ව්‍යාපෘතිය හරහා දායකවීමට ලැබීම අප ලද හොද අවස්ථාවක්. මෙම සංවර්ධන ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන දීර්ඝකාලීන මිත්‍රත්වය ඉදිරියටත් පවත්වා ගනිමින් තවදුරටත් සහාය දැක්වීමට කටයුතු කරනවා.)

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්