fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුවෙටෝරිකෝ හි ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් දැවැන්ත විරෝධතා රැල්ලක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 15:28

පුවෙටෝරිකෝ හි ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් දැවැන්ත විරෝධතා රැල්ලක්

පුවෙටෝරිකෝ හි ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් දැවැන්ත විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබෙනවා. දුෂණ චෝදනා සහ ලිංගික පණිවුඩ හුවමාරු වීම ඊට හේතුවයි.

පුවෙටෝරිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරට දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රිකාඩෝ රෝසෙල්ලෝ ආණ්ඩුකාරවරයාට එරෙහිව ආරම්භ වු මෙම විරෝධතා පැවැත්වෙන්නේ 5වන දිනටයි. මෙම විරෝධතා සදහා ලොව ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ද එක් ව සිටින බවයි වාර්තා වන්නේ. මෙම පිරිස විසුරුවා හැරීම සදහා පොලිසීය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්