හෙරොයින් ග්රෑම් 10.28ක ප්රමාණයක් ළග තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා.
මරදාන ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුටයි අධිකරණය මරණ දඬුවම නියම කළේ. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විත්ති පාර්ශ්වයට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී ඇති බව කියා සිටියා.