fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති කුසලාන රග්බි තරගාවලිය; වේල්ස් කුමර විදුහල පරදා තර්ස්ටන් විදුහලට ජය

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 15:13

අගමැති කුසලාන රග්බි තරගාවලිය; වේල්ස් කුමර විදුහල පරදා තර්ස්ටන් විදුහලට ජය

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන වයස අවුරුදු 19 න් පහළ පිලිමලුන් පිටු දැකීමේ අගමැති කුසලාන රග්බි තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 53 ට බිංදුවක් ලෙස ජය ගැනීමට කොළඹ තර්ස්ටන්  විදුහල සමත් වුණා.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 23 ක් ලබා සිටියා. ඒ වන විට මොරටුව වේල්ස් කුමර විදුහල ලකුණු ලබා සිටියේ නැහැ. වේල්ස් කුමර ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තරගය නිමා වනතුරු ඔවුන්ට ලකුණු අතරට පිවිසීමට තර්ස්ටන් ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. තර්ස්ටන් කණ්ඩායම ලබා ගත් ජයග්‍රාහී ලකුණු 53 ට උත්සාහක දිනුම් හයක් ප්‍රවර්ධන 4 ක් සහ දඩුවම් පහර 5 ක් ඇතුළත්. ඒ අනුව අගමැති කුසලාන අවසන් තරගයට කොළඹ ආනන්ද විදුහල සමඟින් තර්ස්ටන් විදුහල තරග වදිනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 15:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්