fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එෆ් 35 ප‍්‍රහාරක ජෙට් යානා වැඩසටහනින් තුර්කිය ඉවතට

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 10:00

එෆ් 35 ප‍්‍රහාරක ජෙට් යානා වැඩසටහනින් තුර්කිය ඉවතට

එෆ් 35 ප‍්‍රහාරක ජෙට්යානා වැඩසටහනින් තුර්කිය ඉවත් කිරිමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. රුසියාවෙන් එස් 400 ගුවන් ආරක්ෂණ පද්ධතිය මිළදී ගැනීමට තුර්කිය තීරණය කිරිමත් සමඟයි මෙම තත්ත්වය නිර්මාණය වුණේ.

එය අපේක්ෂා කළ හැකිව තිබූ පියවරක් බවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. රුසියාවෙන් මිළදී ගත් එස් 400 ගුවන් ආරක්ෂණ පද්ධතියේ පළමු කොටස් කිහිපය පසුගිය සිකුරාදා අන්කාරා නුවර වයඹ දෙසින් පිහිටි මෝටඩ් ගුවන් කඳවුරට රැගෙන විත් තිබෙනවා. එෆ් 35හවුල්කරුන් සියලු දෙනා තුර්කිය වැඩසටහනින් ඉවත් කිරිමට පෙළගැසි සිටින බවයි ඇමරිකා ආරක්ෂක උප ලේකම් එලන් ලෝඩ් පවසන්නේ.

එහෙත් මෙය අසාධාරණ තීන්දුවක් බව තුර්කිය පෙන්වා දෙනවා. දෙරට අතර සබඳතා වලට ද ඉන් බලෑම් ඇතිවිය හැකි බවටයි ඔවුන් සදහන් කරන්නේ. උපායමාර්ගික වශයෙන් පවතින සම්බන්ධතා වලදී මෙවැනි දැඩි තීරණ හේතුවෙන් නිවැරදි කළ නොහැකි වරදක් සිදුවිය හැකි බවට තුර්කිය ඇමරිකාවට පෙන්වා දෙනවා. එහෙත් ඇමරිකාව තීරණයේ වෙනසක් මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ.

එෆ් 35 ප‍්‍රහාරක ජෙට් වැඩසටහනෙහි කොටස් 900කට වැඩි ප‍්‍රමාණයක් නිපදවන්නේ තුර්කියයි. ඇමරිකාවේ නව තීරණයත් සමඟ සැපයුම්කරුවන් සියලු දෙනා ඇමරිකා ව්‍යාපාර ජාලයට සම්බන්ධ වනු ඇති බවට ද දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්