fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම අනිද්දා දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 09:47

බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම අනිද්දා දිවයිනට

ශ්‍රී‍්‍ර ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කන්ඩායම අතර එක්දින තරඟාවලිය ලබන සිකුරාදා සිට ආරම්භ වනවා. ඊට සහභාගිවිම සදහා බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කණ්ඩායම අනිද්දා (20) දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

තරඟාවලිය එක්දින තරඟ තුනකින් සමන්විතයි. 26 , 28 සහ 31 දිනවල තරඟ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. තරඟ තුනම පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ දි.

මේ අතර තරඟාවලිය සදහා ටිකට්පත් ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන වෙබ් අඩවියෙන් වෙන් කරවාගත හැකියි. ඊට අමරව හෙට සිට ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන ප‍්‍රධාන කාර්යාලයෙන් ප‍්‍රවේශ පත‍්‍ර මිළදී ගැනීමේ හැකියාව පවතිනවා.

ලබන 23වනදා සිට ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණ කවුළුවෙන් ද ටිකට්පත් මිළදි ගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 09:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්