fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

FaceApp මෘදුකාංගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමෙරිකාවේ සෙනට් සභිකයෙකුගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 10:41

FaceApp මෘදුකාංගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමෙරිකාවේ සෙනට් සභිකයෙකුගෙන් ඉල්ලීමක්

මේ දිනවල කතාබහට ලක්ව තිබෙන ෆේස් ඇප් මෘදුකාංගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමෙරිකාවේ සෙනට් සභිකයෙකු වන චක් ෂුමර් ඉල්ලා තිබෙනවා.

ෆේස්ඇප් මෘදුකාංගය මඟින් යම් කෙනෙකුගේ ඡායාරූපයක් වයස්ගත කිරීමටත්, තරුණ කිරීමටත් හැකියාව පවතිනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සෙනට් සභික ෂුමර් කියා සිටින්නේ මෙය ඇමෙරිකා පුරවැසියන්ට විදේශයන්ගෙන් එල්ල වන තර්ජනයක් බවයි. මෙම මෘදුකාංගය මඟින් ජංගම දුරකතනයේ ඇති පෞද්ගලික දත්ත ලබා ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ෆේස්ඇප් මෘදුකාංගය මෙහෙයවනු ලබන්නේ රුසියා සමාගමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙරද මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වුණා. චක් ෂුමර් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එෆ් බී අයි සහ එෆ් ටී සී ආයතන මඟින් මෙම මෘදුකාංගය පිළිබඳ වහා පරීක්ෂණ පවත්වන ලෙසටයි. එමෙන්ම ලබන වසරේ ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ලියාපදිංචි වී සිටින අපේක්ෂකයින්ට මෙම මෘදුකාංගය භාවිත නොකරන ලෙසද ඔහු අනතුරු අඟවා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්