fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 09:24

ගම්පහ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක්

ගම්පහ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා.

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් ඊට හේතුව බවයි ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. ඒ අනුව කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජාඇල සහ ගම්පහ ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමටයි නියමිත.

වත්තල , පෑලියගොඩ, කටුනායක, සීදුව සහ ජාඇල නගරසභා බලප‍්‍රදේශ වලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්