fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිල්ප සේනා ප්‍රදර්ශනය හෙට  සිට ලබන ඉරිදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 18:41

ශිල්ප සේනා ප්‍රදර්ශනය හෙට  සිට ලබන ඉරිදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී

සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමාවෙන් යුතුව ශිල්ප සේනා ප්‍රදර්ශනය හෙට  සිට ලබන ඉරිදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන්නේ.

නවීන තාක්ෂණය, නීල හරිත කලාප, නව නිපැයුම්, නවෝත්පාදන, දැනුම මිණුම, විනෝදය, වෘත්තීය සහ ව්‍යවසායකත්ව අවස්ථා ඇතුළු වෙළෙද කුටි 600 කින් ප්‍රදර්ශනය සමන්විතයි. ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වන සංගීත ප්‍රසංග ද එම දිනවල රාත්‍රී හතේ සිට පැවැත්වෙනවා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි මෙය සංවිධාන කරන්නේ. ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ අයිටීඑන් මාධ්‍ය ජාලයයි. මේ අතර ශිල්පසේනා ප්‍රදර්ශනය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්