නිපුණතාවෙන් ලොව ජය ගැනීමට තරුණ තරුණියන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.
ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කරන ලද තරුණ නිපුණතා දිනය එම සංවිධානයට අයත් සියලුම රටවල් සෑම වසරකම ජූලි මස 15 වන දින සමරනු ලබනවා. නිපුණතාව මගින් සාර්ථක ජීවිතයක් යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාව එය සැමරූ අතර මීට සමගාමීව තරුණ තරුණියන්ගේ වෘත්තීය හා නිපුණතා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධාන කර තිබුණා. මෙහිදී විශිෂ්ට කුසලතා දැක්වූ තරුණ තරුණියන්ට සම්මාන ප්රදානය ද සිදුකෙරුණා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ හෙට දවසේ නිපුණතාවෙන් හා දක්ෂතාවෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැප විය යුතු බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/LJiYDO0XM4A”]