බුද්ධ ශාසනයට හෝ මහාසංඝරත්නයට අගෞරව වන කිසිදු ප්‍රකාශයක සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. රංජන් රාමනායක මහතා තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේයි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මහාසංඝරත්නයට අගෞරව වන ආකාරයෙන් පසුගියදා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. එමෙන්ම එවැනි ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලිඛිතව සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා රංජන් රාමනායක මහතාට දැනුම් දුන්නා. ඒ අනුවයි රංජන් රාමනායක මහතා අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණේ. මෙවැනි ප්‍රකාශ ඉදිරියේදී සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා රංජන් රාමනායක මහතාට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරු රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oBZknZTEp2Q”]