2008 වසරේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු චෝදනා 23ක් යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෆීස් සායිඩ් නම් මෙම සැකකරු පාකිස්තාන අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරියේදී ඔහුට විරුද්ධ නඩු විභාගය සිදු කෙරෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ලක්ෂාර් ඊ ටයිබා නම් ත්‍රස්ත සංවිධානයේ නායකයා මොහුයි. ඔහුත් සමග ත්‍රස්ත සංවිධානයේ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පාකිස්තාන වාර්තා සදහන් කරන්නේ. පසුගිය වසර කිහිපයකදීම ඔහු වරින් වර අත්අඩංගුවට ගත් අතර චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් ඔහු නිදහස් වුණා. කෙසේ වුවද ඔහුට විරුද්ධව මෙවර චෝදනා රැසක් පවතින බැවින් නිදහස්වීම අපහසු බවයි විචාරකයින්ගේ අදහස. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 174 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 300 දෙනෙකු තුවාල ලැබුවා.