fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 13:35

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

පුද්ගලයන් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 31 වනදා දක්වායි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

2008, 2009 වසරවලදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට වන නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද යළි කැඳවූවා. එහිදී රහස් පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි. එම ප්‍රකාශවලට අදාළව ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවද ඔවුන් දන්වා සිටියා. නඩුව ගොනු කරන අවස්ථාවේ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් උපදෙස් ලබා දී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කොට පැමිණිලි සිදු කිරීමට ඒ මහතා උපදෙස් ලබා දී ඇති බවත් රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවයි රහස් පොලීසිය කියා සිටියේ. ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට රහස් පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ප්‍රකාශ කළත් මෙතෙක් නොපැමිණි නිසා එසේ පැමිණෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයිද රහස් පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 13:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්