fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතරගම පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන්

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 12:50

කතරගම පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන්

කතරගම ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කළා.

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වූයේ පසුගිය තුන්වනදායි. එදා සිට අවසානය තෙක්ම ඊට මාධ්‍ය සත්කාරය දැක්වූයේ ITN මාධ්‍ය ජාලයයි. හරෝහරා ITN කඳසුරිදු වන්දනාව ඔස්සේ ඒ පිළිබඳ සියලු තොරතුරු ගෙන ඒමට අපට හැකිවුණා. කතරගම අවසන් මහා පෙරහැර මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. කිරිවෙහෙර පූජා භූමි පරිශ්‍රයෙන් පෙරහැර ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත් සිදුකෙරුණා. කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක් සිදුකළා.

පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ – කිරිවෙහෙර රජ මහා විහාරාධිපති,

කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා මේ සඳහා දායක වූ සියලු දෙනාට ස්තූතිය පළකිරීමේ රාජාසන කතාව පැවැත්වූවා.

දිල්රුවන් රාජපක්ෂ – කතරගම බස්නායක නිලමේ,

මෑත ඉතිහාසයේ බැතිමතුන් වැඩිම පිරිසක් කතරගමට පැමිණියේ මෙවර බව පෙරහැර සංවිධායකයින් ප්‍රකාශ කළා. සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ පෙරහැර නැරඹීමට ද අති විශාල ජනකායක් මඟ දෙපස එක්රැස්ව සිටියා. කිරිවෙහෙරෙන් ආරම්භ වූ පෙරහැර මහ දේවාලයට පිවිස එතැන් සිට විවිධ මං ඔස්සේ සංචාරය කළා. එම තොරතුරු සජීව ලෙස විකාශය කිරීමට ද ITN කටයුතු කළා.

මහ පෙරහැරෙන් අනතුරුව දිය කැපීමේ චාරිත්‍රය අද පෙරවරුවේ සිදුකෙරුණා. මැණික් ගගේ ජීවමාලි තොටුපලේ දී දිය කැපීමේ අවස්ථාවට ද බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්