fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා සංගමයේ සභාපති ධුරයට පළමුවරට කාන්තාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 10:40

යුරෝපා සංගමයේ සභාපති ධුරයට පළමුවරට කාන්තාවක්

යුරෝපා සංගමයේ නව සභාපතිවරිය ලෙස ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලෙයන් තේරී පත් වී තිබෙනවා.

යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර පැවැත් වූ රහසිගත ඡන්දයකින් අනතුරුවයි ඇය තේරී පත් වුණේ. ආසන 383 න් 327 කම ඡන්දය ඇයට හිමිව තිබුණා. යුරෝපා කොමිසමේ ප්‍රථම වරටයි කාන්තා සභාපතිනියක තේරී පත් වුණේ. ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ යුරෝපයේ නැගෙනහිර සිට බටහිර දක්වාත් දකුණේ සිට උතුර දක්වාත් සැවොම එක්සත්ව අඛන්ඩව කටයුතු කළ යුතු බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්