fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 10:27

ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගංවතුර තත්ත්වයත් සමඟ ලක්ෂ 52 කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 30 කට මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. එම ප්‍රදේශයට මේ වනවිට රතු නිවේදන ද නිකුත්කර ඇති බව සඳහන්. මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඇසෑම් ප්‍රාන්තයේ ගංගා 11 ක් පමණ පිටාර ගලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්